FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ලබන සිකුරාදා (11) පැවැත්වෙන විස්සයි – 20 ක්‍රිකට් තරගය නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට අහිමි වී තිබේ.

දෙරට අතර පැවැති තුන්වැනි සහ අවසාන එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්වීම නිසා ඔහු මෙම අවස්ථාව අහිමි වි තිබේ.

එය පළමු ශ්‍රේණියේ ආබාධයක් හෙයින් එම ආබාධය සුව වීම සඳහා දින කිහිපයක් ගත වන බවත් එම නිසා නීෂම්ට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන විස්සයි – 20 තරගය සඳහා නීෂම් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බේ්‍රස්වෙල් නම් කිරීමටද නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.