පන්දුවාර 30-35 පසුව අවසන් පන්දුවාර 15 තුළ ශ්‍රී ලංකා පිතිකරණය හොදින් සිදු වුයේ නොමැති බවත් එහෙයින් තරඟය පරාජයට පත් විමට සිදුවු බව, ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග නවසීලන්තය සමග අද (08) පැවති තෙවැනි එක්දින තරගය පරාජයට පත් විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් පැවසීය.
එසේ සිය කණ්ඩායමට ලෝක කුසලානය ට පෙර දියුණූ විමට කාලය ඇති බවත් මැද පෙළ පිතිකරණය දියුණු කර ගත යුතු බවද මාලිංග මෙහිදි පෙන්වා දුන්නේය.
එසේම එම තත්වය ඉදිරි තරගාවලියට පෙර දියුණූ කර ගැනිමට හැකි බවත් ඔවුන් තත්වය අනුව හැඩ ගැසෙනු ඇති බවද හෙතෙම පැවසීය.
එසේම තිසර පෙරේරා හා කුසල් ජනත් සිය කාර්ය ඉතා හොදින් ඉටු කළ බවත් පන්දුකරණය ගැන තමන් කණගාටු වන බවද මෙහිදි කීය.
මෙය තමන් කණ්ඩායමේ නායකත්වය දරණ දෙවැනි අවස්ථාවත් බවත් ,මෙහිදි ක්‍රිඩාව හොදින් භුක්ති විඳි බවත් තමාගේ දැනුම කණ්ඩායමට ලබා දුන් බවද ලසිත් මාලිංග මෙහිදි වැඩි දුරටත් පැවසීය.








