“සේනා” නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිඟුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.
සේනා දළඹුවා විසින් බඩඉරිඟු වගාවන්ට සිදු කර ඇති හානිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා ඇතළු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චායාදූව අවට වගා බිම් රැසක් නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූහ.
මෙම නිරීක්ෂණයන්ගෙන් පෙනී ගියේ සේනා දළඹුවා ඉතාමත් බරපතල ලෙස බඩඉරිඟු වගාවට හානිකර ඇති බවයි.
ගොවීන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ සේනා දළඹුවා මර්දනය කර තම වගාවන් ආරක්ෂා කර දීමට පියවර ගන්නා ලෙසයි.
මේ අතර අමාත්‍යාංශය විසින් සේනා දළඹුවා මර්දනය සඳහා කෘමිනාශක 04 ක් හඳුන්වා දී ඇති අතර කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50% ක සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 50 ක මුදලක් වෙන්කර ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බැලූ අතර එය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.







