FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (08) පැවති තෙවන හා අවසන් එක්දින තරගය ලකුණූ 115 කින් ජයග්‍රහණය කිරිමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ලකුණු 365 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණූ 249 ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 3-0 ලෙස විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණූ 80 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 46 ක් ලබා ගත්තේය.

ටිම් සවුති නවසීලන්තය වෙනුවෙන් ලකුණු 46 කට කඩුළු 04 ක් දවා ගත්තේය.

 ශ්‍රී ලංකා ලකුණු පුවරුව.