FAST NEWS

24×7 Around the Globe

සනීපාරක්ෂක තුවා සෙස් බද්ද ඉවත් කිරිමට කැබිනට් අනුමැතිය..

 

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා වූ සෙස් බද්ද ඉවත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් අද (07) ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ 40%ක සෙස් බද්ද ඉවත් කෙරෙනු ඇත.

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 40%ක සෙස් බද්දක් පැවැතීමට එරෙහිව සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ විරෝධය පළ කර තිබිණි.