FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ රොස් ටේලර්, මහේල පරයා යයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (08) පැවැත්වෙන තෙවැනි තරගයේදි ලකුණූ 137 ක් වාර්තා කරමීන් සිය එක්දින දිවියේ 20 වැනි ශතකය වාර්තා කළ රොස් ටේලර් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඕනැම තරඟ කාණ්ඩයක් යටතේ ශතක 20 ක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට පත් විය.

එසේම වැඩිම ශතක ලාභීන් අතර 13 වැනියා බවට පත් වු ටේලර් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන අභිබවා යෑමට සමත් විය.

මහේල ජයවර්ධන එක්දින ශතක 19 ක් ලබා ගෙන ඇති අතර ටේලර් අද එය අභිබවා යෑමට සමත් විය.

එසේම 34 හැවිරිදි ටේලර්ට තවත් ශතක 03 ක් රැස් කළහොත් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් රැස් කළ ශතක 22 ක අභිබව යෑමට සමත් වෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතකලාභීයා වන සනත් ජයසුරිය ශතක 28 ක් ලබා ගෙන තිබේ.