FAST NEWS

24×7 Around the Globe

තමා ජනපතිගේ ඇත්වු හේතුව පෞද්ගලික ලේකම් කියයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට බවත්,ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් බවද එරික් වීරවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

තමන් පෞද්ගලික ලේකම් තනතුරේ සිටිමින් එම කටයුතුවලට සූදානම් වීමට නොහැකි බැවින් පුද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූ බවත් හෙතෙම පැවසීය.

එහෙත් තමන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා හොඳ නායකයෙකු බවත්, ඔහු රට වෙනුවෙන් දිනකට පැය 16 ක් වැඩ කරන බවත් ඒ මහතා සඳහන් කළේය.