FAST NEWS

24×7 Around the Globe

ශතකය ගැන ආඩම්බර වෙමින් තිසරගෙන් සිව්දෙනෙක්ට තුති..

නවසීලන්තය සමග දෙවැනි එක්දින තරඟයේදි තමා ලබා ගත් ශතකය පිළිබඳව ආඩම්බර වන බව එම තරගයේදි ලකුණු 140 ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත් වු තිසර පෙරේරා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

 ‘මේක මගේ පළමු ශතකය නිසා ඇත්තටම මම ගොඩක් ආඩම්බර වෙනවා. මම පසුගිය අවුරුදු අටේදීම ක‍්‍රීඩා කළේ අංක අට පිතිකරුවා විදිහට. නමුත් දැන් මාව අංක හත පිතිකරුවා වශයෙන් තල්ලූවක් දුන්නාට මම පුහුණුකරුවාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.’

එසේම දෙවැනි එක්දින තරගය පරාජය වුවහොත් ශ‍්‍රී ලංකාවට තරගාවලිය පරාජය වැළඳ ගැනීමට සිදුව තිබියදී තමා තනිවම අභියෝගය භාර ගනිමින් කණ්ඩායම දිනවීමට උත්සහ කළ ආකාරය පිළිබඳවද මෙහිදි අදහස් දක්වා තිබේ.

‘අවසන් කඩුලූ දෙක තිබුණත් මම එතනදි කිසිම දෙයක් සිතුවෙ නැහැ. මම වගකීම භාර ගත්තා. මම සඳකැන්ට සහ නුවන් ප‍්‍රදීප්ට කිව්වෙ මම පුළුවන් තරම් පන්දු පහම හෝ හයම ගහනවා කියලා. ඒ වගේම මගේ පිතිකරණ හැකියාව දියුණු කළාට පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ තිලාන් සමරවීරට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් දෙදෙනා නිතරම මට පන්දු විසි කළා. මේ ශතකයේ ගෞරවය ඔවුන් දෙදෙනාටත් හිමිවිය යුතුයි.’