FAST NEWS

24×7 Around the Globe

ප්‍රමෝද්‍යගේ ක්‍රිකට් වාර්තාව මලින්ද සිය සුරතට ගනියි..

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාවට  හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී සමත් විය.

ඒ අනුව හෙතෙම කොළඹ කණ්ඩායම වෙනුවෙන් සැරසන් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම ලකුණු 37කට දවා ගැනීමට සමත් විය.

නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කළ මලින්ද අඛණ්ඩව පන්දුවාර 18.4ක් යොමුකරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.

ඉනිමක් තුළ මීට පෙරදී ශ්‍රි ලංකාව වෙනුවෙන් 1991 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙම දක්ෂතාව දක්වා තිබුනි ඔහු සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කලුතර කණ්ඩායමට එරෙහිව ලකුණු 41ට කඩලු 10ක් දවාගෙන තිබුණි.