FAST NEWS

24×7 Around the Globe

දෙවන තරගයට පෙරාතුව කුසල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

පළමු තරගයේදි තමා ලකුණු 100 ක් ලබාගත් නමුත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නෙවෙු බව ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අද (05) ආරම්භ වු දෙවන එක්දින තරගයට පෙරාතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඊට හේතුව ලකුණු 370 ක් වැනි ඉහළ ඉලක්කය බවත් හෙතෙම පැවසීය.

සිය උපරිමය කරන්න උත්සාහ කලද එය යම් අවස්ථාවලදි ප්‍රමාණවත නොවන බවත්ද කුසල් පැවසීය.

තමාට ඕනැම ස්ථානයක පිතිකරණයේ යෙදියි හැකි බවත් අංක 3, 4 හෝ සමහර විට අංක 7 පිතිකරණයේ යෙදුනද එය ආරම්භක පිතිකරු ලෙස පහරදිම හා සැසඳීමේ වෙනස් බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.