සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය සහ විපක්ෂනායක නිල නිවස කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇති බව දේහපාලන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින් රාජපක්ෂ මහතාට එම කාර්යාලය හා නිල නිවස හිමී නොවුනු ඇත.
විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇති බවද කියැවේ.
ඒ අනුව විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කර, එහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරන බවද කියැවේ.









