FAST NEWS

24×7 Around the Globe

පළමු එක්දින තරඟයෙන් නවසීලන්තයට ලකුණූ 45 ක ජයක්..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වුණූ පළමු එක්දින තරඟයෙන් ලකුණු 45 ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් ලකුණූ 371 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 කදී සියළු කඩුළු දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණු 326 ක් පමණි.

එ අනුව දෙරට අතර තරඟ 03 කින් යුත් එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව..