FAST NEWS

24×7 Around the Globe

මහින්ද වෙනුවෙන් ගෙනා කැබිනට් පත්‍රිකාව විසි වෙයි..

 

හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඉල්ලීම මත විපක්‌ෂ නායක කාර්යාලය සඳහා අතිරේක ලේකම්වරයකු පත්කරන ලෙස ඉල්ලා ඊයේ (02) දින පැවති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට්‌ පත්‍රිකාවට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිව නොමැති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කිරීමටද තීරණය වූ බවද පැවසේ.