ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ තුන්වන ස්ථානයේ පන්දුවට පහරදිම සඳහා නායක දිනේෂ් චන්දිමාල් යෝග්‍ය බව තේරිම් කමීටු සභාපති අසන්ත ද මෙල් මහතා මාධ්‍ය වෙත පැවසීය.
කුමාර් සංගක්කාරගෙන් පසුව තුන්වන ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා යෝග්‍ය පිතිකරුවෙක් ස්ථිර ලෙස හදුනා ගැනිමට නොහැකි වු බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඉන්දියා කණ්ඩායමේ නොම්බර 03 ස්ථානයේ චෙස්වර් පුජාරා ඉතා හොඳින් ක්‍රීඩා කරන බවත් එසේ ක්‍රීඩා කිරිමට නායක දිනේෂ් චන්දිමාල්ටද හැකියාවක් පවතින බව ඔහු කියයි.
එසේම ඉදිරියේදි මෙ සම්බන්ධයෙන් කණ්ඩායම් පුහුණුකාරීත්වය සමඟ කතිකා කරන බවද මෙල් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එළඹෙන ඔස්ට්‍රේලියා තරඟාවලියට පෙරාතුව කණ්ඩායම මැනවින් සුදානම් කර ගත යුතු බවත් ඔහු කීය.









