මධ්‍යම රුසියාවේ මැග්නිටෝගෝස්ක් නගරයේ නිවහන් සහිත මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෑස් පිපිරීමකින් මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇති අතර තවත් 40 දෙනෙකු පමණ අතුරුදන්ව තිබේ.
පුද්ගලයන් 120 දෙනෙකු රැදී සිටි නිවහන් 48ක් මෙම ගොඩනැගිල්ල සමඟ කඩා වැටී ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද නව අවුරුදු උදාව ආසන්නයේ මෙම ඛේදවාචකය සිදුවූ ස්ථානයට පැමිණි බව සඳහන් වේ.









