FAST NEWS

24×7 Around the Globe

අයර්ලන්තය සමඟ තරගාවලියට ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ..

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට සමඟ පැවැත්වෙන සිවුදින තරගාවලියට හා එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව සිවුදින තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අෂාන් ප්‍රියන්ජන්ටත්, එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංගටත් පැවරී තිබේ.
සිවුදින තරග 02 කට සහ එක්දින තරග 05 කට සහභාගිවීම සඳහා අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම  30 වැනිදා පස්වරුවේ දිවයිනට පැමිණියේය.
දෙරට අතර පැවැත්වෙන පළමු සිවුදින තරගය ජනවාරි මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැන්න 13 වැනිදා සිට 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එක්දින තරගාවලියේ පළමු (19 වැනිදා) සහ දෙවැනි (21 වැනිදා) එක්දින තරගද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙවැනි (24 වැනිදා) සහ සිවුවැනි (26 වැනිදා) එක්දින තරග එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීද, අවසන් (29 වැනිදා) එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ සිවුදින සංචිතය
අෂාන් ප්‍රියන්ජන් (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු මිලන්ත, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, මනෝජ් සරත්චන්ද්‍ර, ලසිත් ඇඹුල්දෙණිය, නිෂාන් පීරිස්, අමිල අපොන්සු, නිසල තාරක, චාමික කරුණාරත්න, ෂෙහාන් මධුෂංක, මොහොමඞ් ශිරාස් සහ දිනේෂ් ගුණරත්න
ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය
උපුල් තරංග (නායක), මිලින්ද සිරිවර්ධන (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්, ඉසුරු උදාන සහ ඉෂාන් ජයරත්න