පසුගිය දිනවල උතුරු ප්රද්ශයට බලපෑ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් ගොවීන්ට සිදුවූ වගා හානි තක්සේරු කිරීම් මේ වන විට සිදුකරමින් සිටින බව කෘෂිකර්ම අමාත්යායංශය පවසයි.
කෘෂි රක්ෂණාවරණය යටතේ වී සහ අනෙකුත් වගාවන් සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වලින් අනතුරුව වන්දි ලබාදෙන බවත් ඒ අනුව හානි වී ඇති වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 40,000 ක් බැගින් වන්දි ලබාදීමට නියමිතයි.
එළඹෙන කන්නය සඳහා බීජ මිල දී ගැනීමේදී 50% ක සහනාධාරයක් ලබාදීමට ද එම අමාත්යංශය තීරණය කර ඇත.







