හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලිම මත විපක්ෂ නායක කාර්යාලයට නව අතිරේක ලේකම්වරයකු පත් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම 02 වැනිදා කැබිනට් රැස්වීමට සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
විපක්‍ෂ නායකවරයා වෙනුවෙන් මෙතෙක් කලක් මෙවැනි අතිරේක ලේකම්වරයකු නොසිටි අතර දැනට සිටින විපක්‍ෂනායක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට ඉහළින් මෙම නව අතිරේක ලේකම්වරයා කටයුතු කිරීමට නියමිත බවද පැවසේ.









