FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතුව හා මෙන්ඩිස් ගැන චන්දිමාල් කියයි..

 

දෙවැනි ටෙස්ට් තරඟයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදි අසාර්ථක විම, නවසීලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිමේදි විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉවහල් වු බවත් බවත් එහෙයින් තරඟය පරාජයට පත් විමට හේතු වු බවද නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එසේම කුසල් මෙන්ඩිස් තරඟාවලිය තුළ කැපි පෙනෙන දක්ෂතාවයක් පිළිඹුබු කළ බවත් ඔහුගේ දක්ෂතා දවසින් දවස ඔප මට්ටම් වි පැහැදිලි අනාගතයක් සහිත ක්‍රීඩකයෙක් බවට පත් වන බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.

එසේම 2018 වර්ෂයේදි ටෙස්ට් තරඟ කාණ්ඩය යටතේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවැන්නා බවට යොවුන් අවධියේදිම කුසල් මෙන්ඩිස් සමත් විම පිළිබඳව තමා බොහො සෙයින් සතුටට පත් වන බවත් ඔහුට සුභ පතන බවත් චන්දිමාල් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.