බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අග්රාමාත්ය ශෙයික් හසීනා මහත්මියගේ අවාමි ලීගය ජයග්රහණය කිරීමට සමත්ව ඇත.
ආසන 350 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 281 ක බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇති අතර මෙය හසීනා මහත්මිය බංග්ලාදේශයේ අග්රාමාත්ය ධුරයට අඛණ්ඩව පත්වන 03 වන අවස්ථාව වීමද විශේෂත්වයක්.
එරට ප්රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කර සිටින්නේ මෙවර මැතිවරණයේ අක්රමිකතා රැසක් සිදුවූ බවයි.
වසර 17 ක් තිස්සේ අගමැතිනි ෂික් හසීනා බංග්ලාදේශය පාලනය කරනු ලබයි.









