නවසීලන්තය සමඟ චෙස්චර්ච්හිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය නිමාවන විට ලකුණු 660 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුළු 02 ක් දැවි ලකුණු 24 ක් රැස් කරගෙන සිටියේය.
මේ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණූ 636 ක් ලබා ගත යුතුය.
දිනය නිමා වනවිට නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 06 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 14 ක් ලබා සිටියහ.
නවසීලන්ත පළමු ඉනිම – 178/10
ශ්‍රී ලංකා පළමු ඉනිම – 104/10
නවසීලන්ත දෙවන ඉනිම – 585/04
ලකුණූ පුවරුව








