FAST NEWS

24×7 Around the Globe

කොලින් ඩි ග්රෑන්ඩ්හෝම්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වාර්තාවක්..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනයේදි වාර්තාවක් තැබිමට කොලින් ඩි ග්රෑන්ඩ්හෝම් සමත් විය.

ඒ අනුව පන්දු 28 කදී අර්ධ ශතකයක් රැස් කළ කොලින් නවසීලන්තය වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය රැස් කළ පිතිකරුවා බවට පත් විය.

මීන් පෙර ටිම් සවුති පන්දු 29 කට හා බෙන්ඩන් මැකලම් පන්දු 30 කට නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතක රැස් කර තිබේ.

ඒ අනුව ටෙස්ට් තරඟයකදී වේගවත්ම අර්ධ ශතකයක් රැස් කළ 08 වැන්නා (සම) බවට කොලින් සමත් විය.

පාකිස්ථාන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මිස්බා උල් හක් 2014 – 15 තරඟවාරයේදි ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 21 කදී අර්ධ ශතකයක් වාර්තා කරමීන් ටෙස්ට් තරඟයක වේගවත්ම ශතකයට හිමීකම් කියයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ශතකය වාර්තා කර ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් වන අතර ඔහු 2009 වර්ෂයේදි නවසීලන්තයට එරෙහිව එය වාර්තා කර තිබේ.

දෙවැනි ටෙස්ට් තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන නවසීලන්ත කණ්ඩායම මෙ වන විට කඩුළු 04 ක් පමණක් දැවි ලකුණු 562 ක් වාර්තා කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 636 ක් ඉදිරියෙන් සිටිමට ඔවුන් සමත්ව ඇත.