FAST NEWS

24×7 Around the Globe

රටවල් කීපයකට ලංකාවෙන් කරපිංචා රැගෙන යාම තහනම් කරයි…

 

ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙසට රටවල් කීපයක් ලාංකිකයන්ට දැනුම් දී ඇත.

ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය සහ මෝල්ටාව යන රටවලට ශ්‍රී ලංකාවෙන් කරපිංචා රැගෙන නොඑන ලෙස ඉතාලියේ, සිසිලි හි කැටානියා නගරයේ පිහිටි ලංකා කොන්සියුලර් කාර්යාලය ශ්‍රී ලාංකික මගීන්ට දැනුම් දී තිබේ.

අදාළ තහනම පනවා ඇත්තේ යුරෝපා සංගමයට අයත් ශාක සෞඛ්‍ය අන්තර්නිරෝධනය කිරීම දැනුම් දීමේ පද්ධතිය නිකුත් කරන ලද නිවේදනයක් අනුවයි.

කරපිංචාවල හානිකර ඓන්ද්‍රික කොටස් අන්තර්ගත හේතුවෙන් එම සංගමය මෙම තීරණය ගෙන ඇතැයි කොන්සියුලර් කාර්යාලය දෙසැම්බර් 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ හේතුවෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී පෞද්ගලික ගමන්මළු නිතර පරීක්ෂාවකට ලක් කරන බවත් උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කළහොත් රටින් පිටවීමේ ද තරමක දුෂ්කර අත්දැකීමට මුහුණ දීමට සිදුවනු ඇති බවත් කොන්සියුලර් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්කර ඇත.