FAST NEWS

24×7 Around the Globe

මහින්දට විපක්ෂ නායකකම අහිමි විමට ජනපති හේතුවන සැටි ටි.එන්.එ පෙන්වයි..!!!

 

විපක්ෂ නායක තනතුර ආර්. සම්බන්ධන් මහතාගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවැරීමට කටයුතු කෙරෙමීන් පවතින බව එම සන්ධාන ආරංචි මාර්ග කියයි.

විපක්ෂ නායක තනතුරේ සම්බන්ධන් මහතා කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට ප්‍රකාශ කළ අතර සම්බන්ධන් මහතා තවදුරටත් විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලීමට යන බව පැවසේ.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි වී ඇති බැවින් විපක්ෂ නායක තනතුරට ඔහු පත්කළ නොහැකි බවට නඩු නිමිත්තක් ගොනු කිරීමටද තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කැබිනට් අමාත්‍ය ධුරයක් දරණ බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායක තනතුර ලබාදිය නොහැකි බවට එම නඩුවේදී අධිකරණයේ අවධානයට යොමු කෙරෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය නම් කෙරෙන බවත් නඩුව විභාග කර අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක තනතුර දැරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමට යන බවද දැනගන්නට ඇත.