FAST NEWS

24×7 Around the Globe

ශ්‍රි ලංකා ඉනිම බොල්ට්ගේ පන්දුව හමුවේ බිඳ වැටෙයි..

 

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 104 කට සීමා විය.

තරඟයේ දෙවැනි දිනය වන අද (27) පළමු භාගයේදි ට්‍රේන්ට් බොල්ට්ගේ විශිෂ්ට පන්දු යැවිම හමුවේ ලකුණු 88 කඩුලු 04 ක් ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 06 ලකුණු 16 ක් තුල බිඳ වැටුණි.

එ් අනුව බොල්ට් ලකුණු 30 කට කඩුලු 06 ක්,දවා ගත්තේය.

නවසීලන්තය කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 178 ට ලකුණු 74 ක් පසු පසින් සිටියදි ශ්‍රී ලංකා ඉනිම අවසන් විය.

මේ වන විට සිය දෙවන ඉනිමට පන්දුවට පහරදෙන නවසීලන්තය කිසිදු කඩුල්ලක් නෙදෙැවි ලකුණු 26 ක් ලබා සිටියි.

ඒ අනුව නවසීලන්තය ශ්‍රී ලංකාවට වඩා කඩුලු 10 න්,අතැතිව ලකුණු 100 ක් ඉදිරියෙන් සිටියි.

a