FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්ගේ බලපෑම ගැන සවුතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

 

ඇන්ජලෝ මැතිව්ස් ඉහළ මට්ටමක පිතිකරුවෙක් බවත් ඔහු සැබෑ අභියෝගයක් වන බවත් අද (26) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති පවසා තිබේ.

මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනිම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවි ගිය කඩුළු 04 න් 03 ක්ම දවාගත් සවුති පවසා ඇත.

ඔහු මීන් පෙර නවසීලන්තයේ ක්‍රීඩා කර මනා හුරුවක් සහිත විමත් පළමු තරඟයේදි ස්ථාවර පිතිකරණයක නියැලි ලැබු අත්දැකිම් සහිත බවත් මීට හේතුව බව සවුති පෙන්වා දී තිබේ.

එසේම මැතිව්ස් පිළිබඳව සිය පන්දු යැවිමේ පුර්ණ බලය යෙදවිමට නොහැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් ප්‍රභල පිතිකරුවන් පිළිබඳව අවධානයත් යොමු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දී තිබේ.