FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා – නවසීලන්ත අවසන් 11 මෙන්න..

 

නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (26) චෙස්චරච් හිදි පැවැත්විමට නියමීතය.

මෙම තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ එක් වෙනසක් පමණක් සිදු කෙරෙන බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එම තරගයේදි සාර්ථක විමට නොහැකි වු වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජීත වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් වනු ඇති බව කියැවේ.

ඒ අනුව කණ්ඩායම් ආරංචි මාර්ග වලට හෙට (26) තරගයට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් 11 ගෙන් යුත් කණ්ඩායම් දෙක නම් කර තිබේ.

ශ්‍රී ලංකාව (ක්‍රීඩා කළ හැකි) : 1 දිමුත් කරැණාරත්න, 2 දනුෂ්ක ගුණතිලක, 3 ධනංජය ද සිල්වා , 4 කුසල් මෙන්ඩිස් , 5 දිනේෂ් චන්දිමාල් (capt), 6 ඇන්ජලෝ මැතිව්ස්, 7 නිරෝෂන් දික්වැල්ල (wk), 8 දිල්රුවන් පෙරේරා , 9 සුරංග ලක්මාල්, 10 දුෂ්මන්ත චමිර, 11 ළහිරු කුමාර

නවසීලන්තය (ක්‍රීඩා කල හැකි ): 1 ජෙට් රාවල්, 2 ටොම් ලැතම්, 3 කෙන් විලියම්සන් (capt), 4 රොස් ටේලර්, 5 හෙන්රි නිකොලස්, 6 බී.ජේ වැට්ලින්ග් (wk), 7 කෙලෙින් ඩී ග්රැන්හොමී, 8 ටිම් සවුති, 9 නීග් වැග්නර්, 10 අජාස් පටේග්, 11 ට්‍රෙන්ට් බොල්ට්