ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි ඉහළ තනතුරු රැසක් වෙනස් කරමින්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අලූත් කිරිමට නව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පුර්ණ අවධානය යොමුව ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ක‍්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාමට ලබාදීමටද සූදානමක් පවතින බව වාර්තා වේ.
රොෂාන් මහානාම මීට පෙර පාසල් ක‍්‍රිකට් නංවාලීමේ වැඩමුළුවකට සහභාගි වූ අතර වත්මන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ඔහුට ලොකු තනතුරක් පිරිනැමීමට ක‍්‍රීඩා ඇමැතිවරයා සූදානම් වන බව සඳහන් වේ.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අදාළ ඉහළ තනතුරකට පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් නිල වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා මෙතෙක් සූදානම් නැති අතර ලබන 27 වැනිදා ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානීන්ගේ හමුවෙන් පසුව එම නම ප‍්‍රකාශ කිරීමට ඇමැතිවරයා සූදානමින් පසුවන බවද කියැවේ.









