FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියානු ගිනි කඳු සුනාමියේ මරණ සංඛ්‍යාව 43 දක්වා ඉහළට..

 

ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ප්‍රබල සුනාමි තතත්වයක් හටගත්හ.

ඇතිවූ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා මේ වන විට ඉහළ ගොස්  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී වෙරළාසන්න ප්‍රදේශවල තවත් 584 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දිවයින් අතර ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කරන සුන්දා සමුද්‍ර සන්ධියේ පිහිටි ගිනි කන්දේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූ කම්පනයක් සිදුව ඇත.

පුර සඳේ බලපෑමෙන් වඩදිය රැල්ල උත්සන්න වීමද හානිය ඉහළ යෑම හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.