FAST NEWS

24×7 Around the Globe

ලංකා බැංකු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි…

 

ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස් වී ඇත.

මේ අනුව ලංකා බැංකුවේ සභාපති නීල් උමගිලිය හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ලලිත් විතාන, මාධවී හේරත්, ඉසුරු බාලපටබැඳි සහ හර්ෂ විජේවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් වී තිබේ.

නීල් උමගිලිය මහතා සභාපති තනතුර වෙත පත්කරන ලද්දේ පසුගිය නොවැම්බර් 13 වන දිනය.

අනිකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම නොවැම්බර් 26 දින සිදුකෙරුණු අතර එහිදී පත්වීම් ලැබූ විශාඛා අමරසේකර හැරෙන්නට සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙලෙස සිය තනතුරුවලින් ඉවත් වී ඇත.