FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ සිටින ඇමරිකානු සෙබළුන් ඉවත් කරගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්..

මේ වන විට සිිරියාවේ රැදී සිටින ඇමරිකානු සෙබළුන් එරටින් ඉවත් කරගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන්කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වනවිට අයි. එස් ත්‍රස්තවාදීන් පරාජය කර ඇති බැවින් මෙම පියවර ගන්නා බවයි.

අමෙරිකානු සෙබළුන් ඊසාන දිග සිරියාවේ වැඩි කොටසක් අයි. එස් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇති නමුත් ඇතැම් ප්‍රදේශවල තවමත් අයි. එස් ත්‍රස්තවාදීන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.