පසුගියදා නිමාව වු නවසීලන්තය සමඟ පළමු ටෙස්ට් තරඟයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් පිතිකරුවෙක් වු කුමාර් සංගක්කාර සමඟ සිදුකළ කතාබහ එම තරගයේ ඉනිම දෙදෙකදිම ලකුණූ අතර පැමීණෙමීන් කණ්ඩායම් වෙනුවෙන් සිය යුතුකම් ඉෂ්ට කිරිමට ඉවහල් වු බව මාධ්‍ය වෙත පවසා තිබේ.
කුමාර් සංගක්කාර නවසීලන්තයේ වෙලිංටන්ග්හිදි අවසන් වතාවට ක්‍රීඩා කළ අවස්ථාවේදි ද්විත්ව ශතකයක් වාර්තා කළ බවත් එහිදි සංගක්කාරගේ මනසේ හැසිරිම කෙබඳුද යන්න තමාට දැන ගැනිමට අවශ්‍ය වු බවත් හෙතෙම සඳහන් කර තිබේ.
පන්දු යවන්නාගෙන් යවන්නාට වෙනස් වු පන්දු පහර භාවිතා කළ යුතු බව සංගක්කාර තමාට පෙන්වා දුන් බව මැතිව්ස් පවසා තිබේ.
ඒ අනුව තමා වෙලිංටන්හිදි ක්‍රීඩා කරමීන් ලද අත්දැකිම්ද උපයෝගි කර ගනිමීන් සංගක්කාරගේ උපදේශයන්ද භාවිත කරමීන් සාර්ථකව පන්දුවට මුහුණූ දුන් බව මැතිව්ස් වැඩි දුරටත් පවසා තිබේ.









