ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සහ කුසල් මෙන්ඩිස්ගෙන් සිය පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් හිමි නොවූ බව නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක කේන් විලියම්සන් ශ්‍රී ලංකාව සමඟ පළමු තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
ඔවුන් දෙදෙනා අතර වූ සබඳතාව බිඳ දැමීම සඳහා සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කළ ද එය අසාර්ථක වූ බවත් ,විනයකින් යුතුව සහ ආකර්ශණිය ලෙස මැතිව්ස් සහ මෙන්ඩිස් ක්‍රීඩා කළ බවද හෙතෙම පවසා ඇත.
එසේම ලබන 25 වැනිදා ක්‍රයිස්චර්ච්හිදී ආරම්භවීමට නියමිත දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට තමන් සූදානම් බවද විලියම්සන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.









