FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් පදවිය භාර ගන්න කීම ගැන සංගා පිලිතුර දෙයි.

අද දහවල් ටෙස්ට් පිටියෙන් සමුගත් ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාරට
බි‍්‍රතානයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාර ගන්නා මෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ආරාධනාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඒ ගැන සංගාගේ පිළිතුර කුමක්දැයි ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී විමසා තිබුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගක්කාර කියා ඇත්තේ
‘මේ තොරතුර මාව පුදුමයට පත් කළා. මේ තනතුර භාර ගන්නවද කියලා මම හිතලා බලන්න ඕනේ. ඒ එක්කම මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා එක්ක සාකච්ඡුා කරන්න ඕනේ.’ ’යනුවෙනි’