FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ආර්ථික පැතිකඩ ගැන විද්වත් සමුළුව අදින් ඇරඹෙයි..

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය ක්‍රමවේද හඳුනා ගනිමින් එම ප්‍රතිපත්ති ආර්ථිකය කෙරෙහි යොමු කරවීම පදනම් කරගෙන ජාත්‍යන්තර විද්වත් සමුළුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාල මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේ දී අද (20) ආරම්භ විය.

මෙම සමුළුව 20 හා 21 දෙදින පුරා පැවැත්වෙනු ඇත.

දෙස් විදෙස් විද්වත් පර්යේෂකයන් 50 දෙනෙකුගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුකරනු ඇත.

ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය රටක ප්‍රතිපත්ති සම්පාදනය ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරවීම පදනම්ව නවමානයන් රටට හඳුන්වාදීම මෙහිදී සිදුකරන බව ආර්ථික හා සංඛ්‍යාන විද්වත් සමුළුවේ සම සභාපතිවරුන් වන මහාචාර්ය එච්.එම්.එස් ප්‍රියනාත් හා ආචාර්ය ඒ අරුණ ශාන්ත මහත්වරුන් පවසා සිටියහ.

විශ්ව විද්‍යාල පද්ධතියේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම සිදුකරන විශ්ව විද්‍යාල අතරින් එම අංශ 43 කින් මෙම විශේෂ අවස්ථාව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයට 2018 වසරේ හිමිවීම ද විශේෂත්වයකි.