බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මයිකල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් කිරීමට නියමිත සංක්‍රමණික ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් රට තුළ විරෝධතා මතුවීම හේතුවෙනුයි.
සංක්‍රමණික ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරයාට සහය දෙන සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් ද පසුගියදා ඉන් ඉවත් වීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.









