FAST NEWS

24×7 Around the Globe

වසර 10 ක් පැරණි වාර්තාව මැතිව්ස් – කුසල් අලුත් කරයි…

 

නවසීන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය පුරාවට නොදැවි ක්‍රීඩා කරමීන් කඩුල්ලේ රැඳි සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් වසර 10 ක පසු වාර්තා පොත් අලුත් කිරිමට සමත්ව තිබේ.

ටෙස්ට් තරඟයකදි එක් දිනයක් තුල නොදැවි ක්‍රීඩා කළ අවසන් වතාව වුයේ 2008 පෙබරවාරි 29 වැනිදා දකුණූ අප්‍රිකාණූ ක්‍රීඩකයින් වන නීල් මැකෙන්සි සහ ග්‍රෑහැම් ස්මීත් බංග්ලාදේශයට එරෙහිව සිව්වැනි දිනයයි.

එසේම ශ්‍රී ලංකා පිතිකරණ යුගලයන් ලෙස අර්ජුන රණතුංග – අසංක ගුරුසිංහ (1986) ,සනත් ජයුසුරිය – රොෂාන් මහානාම (1997), කුමාර් සංගක්කාර – මහේල ජයවර්ධන (2006) මෙම දක්ෂතාවය දැක්විමට සමත්ව තිබේ.