එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්නොවන ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ගෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයිද, කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ඊයේ (17) පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව පැවසේ.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණ අනුමැතියකින් තොරව ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් ආණ්ඩුවට එක්කර නොගන්නා බවද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසා ඇති බව කියැවේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එකතු කර ගැනීමට එම පෙරමුණ මන්ත්රීවරුන් විරෝධය පළකිරීමත් සමග අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ බව පවසා ඇතැයිද පැවසේ.









