FAST NEWS

24×7 Around the Globe

යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමට පියවර…

 

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාවේ ඇති නාලිකා මිලියන 1.67 ක් ඉවත් කිරීමට තීරණය කර ඇත.

පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් යූටියුබ් සමාගම මෙම තීරණය ගෙන ඇත.

මේ ආකාරයට  යූටියුබ් නාලිකා 79.6 %ක් පමණ අක්‍රිය කර ඇත.

මාස තුනක් ඇතුළත සිදුකරන ලද සමීක්ෂණ අනුව ප්‍රතිපත්ති කිහිපයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නාලිකා අවලංගු කර ඇති බවද වාර්තා වේ.

පළමු වතාවට මිලියන 224 අධික ප්‍රතිචාර මකාදමා ඇති අතර එයින් 99.5%ක්  2018 තුන් වැනි කාර්තුවේදී  සමාගමේ ස්වයංක්‍රීය පද්ධතික් මඟින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අන්තවාදී තොරතුරු ප්‍රචාරය කිරීම, රැඩිකල් උද්ඝෝෂණ හෝ දේශපාලන අන්තර්ගතයන් පතුරුවාලීම මේ වනවිට යූටියුබ් හරහා සිදු කරන්නේද  යන්න යූටියුබ් සමාගම නිරීක්ෂණය කරමින් සිටින බවත් වාර්තා වෙයි.