පරිසර, මහවැලි, ජාතික ඒකාබද්ධතා සහ ආරක්‍ෂක යන අමාත්‍යාංශ තමන් යටතේ තබා ගන්නා බවද මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇත.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතර ඊයේ (23) රාතී‍්‍ර පැවති සාකච්ජාවේදී ඔහු එබව සඳහන් කර ඇත.
තිහේ කැබිනට් සිහිනය :
මේ අතර, අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඇමතිවරුන් කී දෙනෙකු පත් වේද යන්න පිළිබඳව මාධ්‍ය හරහා විවිධ මත පළ වෙමින් තිබේ.
ඇමති මණ්ඩලය තිහකට සීමා කිරීමට ප්‍රතිඥා දුන් එක්සත් ජාතික පක්ෂයට බහුතරය නොලැබී යාම නිසා එය ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.
හවුල් ආණ්ඩුවකට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝල බාලයන් සතුටු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී ඇති අතර දශක දෙකක් පමණ විරුද්ධ පක්ෂයේ සිටි එජාප නියෝජිතයන් සන්තර්පණය කිරීම අගමැතිවරයා හමුවේ ඇති අභියෝගයකි.
ජවිපෙන් ඉල්ලීමක්
හවුල් ආණ්ඩුවක් යටතේ වුවද තිස් දෙනෙකුට වඩා වැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඇමති මණ්ඩලයට තිහකට වැඩි පිරිසක් පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොදීමට කටයුතු කරන මෙන් ජවිපෙ නායකයා නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
කෙසේ නමුත් ජාතික ආණ්ඩුවකට යන බව මැතිවරණයට පෙර එජාපය ප්‍රකාශ කර තිබුනත් ශ්‍රීලනිපය එවැන්නක් කියා නොතිබුණු බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.
හෙට දිවුරුම් දෙයි :
කෙසේවුවද, එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවන ලබන ජාතික ආණ්ඩුවේ නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදු කෙරෙන බව වාර්තා වේ.








