FAST NEWS

24×7 Around the Globe

අධික ශීතලට තේ ගස් පිළිස්සෙයි…

 

මේ දිනවල මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පවතින අධික ශීත කාළගුණය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම වගාවන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

මෙම ශීත කාළගුණය අලුයම් කාලයේ සිට රාත්‍රී කාලය තෙක්ම පවතින බවත් වාර්තා වෙයි.

ඒ හේතුවෙන් තේ සහ එළවළු වගාවන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වතු අධිකාරිවරුන් සහ එළවළු ගොවීන් පවසා සිටියි.

අධික සීතල හේතුවෙන් තේ ගස් පිළිස්සී යන බවත් වැවෙන සීමිත තේ දළු ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන තේ කොළ සඳහා ඉහල ඉල්ලුමක් පවතින බවත් වතු අධිකාරිවරුන් සදහන්කර සිටියි.