සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (15) වෙලිංටන් හිදි පැවැත්විමට නියමීතව තිබේ.
වෙලිංටන් හි තණතිරුව තෙවන හා සිව්වන දවස වන විට පිතිකරුවන්ට යෝග්‍ය බව පැවසේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ,නවසීලන්තය සමග පැවති අවසන් තරඟ 05 ම පරාජයට පත්ව තිබේ.
හෙට (15) දිනයේ ක්‍රීඩා කිරිමට නියමීත අවසන් 11 දෙනා සම්බන්ධයෙන් කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පුහුණූ තරගයේ දෙවැනි ඉනිමේදි ලකුණූ 83 ක් රැස් කළ දනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න සමඟ ක්‍රීඩා කරනු ඇති බව පැවසේ.
එසේම නිත්‍ය වේග පන්දු යවන්නන් ලෙස ළහිරු කුමාර සහ සුරංග ලක්මාල් ක්‍රීඩා කෙරෙනු ඇති බවත් කියැවේ.
එසේම සංචිතයට නම් කර සිටින වේග පන්දු යවන්නන් වන කසුන් රාජීත,දුෂ්මන්ත චමීර හා නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින්ගෙන් එක් අයෙක් කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1.දිමුත් කරුණාරත්න 2.ධනුෂ්ක ගුණතිලක 3.ධනංජය ද සිල්වා 4.කුසල් මෙන්ඩිස් 5.දිනේෂ් චන්දිමාල් (නායක) 6.ඇන්ජලෝ මැතිව්ස් 7.නිරෝෂන් දික්වැල්ල 8.දිල්රුවන් පෙරේරා 9.සුරංග ලක්මාල් 10.කසුන් රාජීත 11.ළහිරු කුමාර
නවසීලන්ත කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)
1.ජෙට් රාවල් 2.ටොම් ලෙතම් 3.කෙන් විලියම්සන් 4. රොස් ටේලර් 5.හෙන්රි නිකෝලස් 6. බී.ජේ වැටිලින්ග් 7.කොලින් ඩී ග්රෑන්ඩිහොම් 8.ටිම් සවුති 9.නෙයිල් වැග්නර් 10.අජාස් පටේල් 11.ට්‍රෙන්ට් බොල්ට්









