ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත ඩර්හැම් ප්රාන්ත කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වු ජෝන් ලුවිස් මහතාව පත් කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
මේ වන විට පිතිකරණ පුහුණූකරු ලෙස කටයුතු කරන තිලාන් සමරවීර වෙනුවට මෙම පත් කිරිම සිදු කෙරෙනු ඇත.
නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදි ඔහු කණ්ඩායමට එක් වන බවත් 2019 ලෝක කුසලානය අවසන් වන තෙක් රැඳි සිටින බවත් සඳහන්.







