ඉන්දියාවේ හිටපු මහ බැංකු අධිපති උර්ජිත් පටෙල් පසුගියදා ඉල්ලා අස්වීමත් සමග ඉන්දියාවේ 25 වන මහ බැංකු අධිපතිවරයා ලෙස ශක්තිකාන්ත දාස් පත්කර ඇත.
අවශ්‍ය ඕනෑම විටක සමාගම් කොටස්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බව නව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
බැංකු ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණපා සිටින බවත් ඉන්දියානු ආර්ථිකයේ ගමන් මාර්ගය ප්‍රතිසංස්කරණය කළ යුතුව පවතින බවත් ඔහු අවධාරණය කර ඇති බව එරට මාධ්‍ය පවසයි.









