සහභාගීත්වය සම්බන්ධයෙන් විරෝධතාවක් එල්ල වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට ලබන මස 05 වැනිදා ආරම්භ විමට නියමීත බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාමාලාවට සහභාගි වීම අවිනිශ්චිත බව ක්‍රීඩා වාර්තා කියයි.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න වෙනුවට ස්මිත් කැඳවීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ බලධාරීන් පසුගියදා පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් තරඟමාලාවට යම් ක්‍රීඩකයෙකු ආදේශ කරන්නේනම් ඔහුගේ නම අදාල කණ්ඩායමේ ක්‍රීඩකයින් තොරා ගන්නා මුලික නාමලේඛනයට ඇතුළත් වීම තිබිය යුතු බව තරඟමාලාවේ ප්‍රධාන නීතියක් වන බව පැවසේ.
එහෙත් වික්ටෝරියන්ස් එම මුලික නාමලේඛනයට ස්ටිවන් ස්මිත්ගේ නම ඇතුළත් නොවීම හමුවේ මෙම ගැටළුව නිර්මාණය වී ඇති බව කියැවේ.









