කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන “Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ විය.
නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය ක්‍රියාත්මක වේ.
16 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙනු ඇත.
ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදී අංශ ගණනාවකින් මෙය සමන්විත වේ.
දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටී.










