FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය මහබැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙයි..

ඉන්දියාවේ මහබැංකු අධිපති උර්ජිත් පටෙල් ඊයේ (10) සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය සමග ඔහු යම් මතභේදාත්මක තත්වයක් ද හටගෙන ඇත.

මහබැංකුවේ අධිපතිවරයා සිය අස්වීමේ ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පෞද්ගලික හේතූන් මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවයි.

ඉන්දීය මහබැංකුවේ ස්වාධීනත්වය උදෙසා රජය සමඟ මත ගැටුමක පැටලී සිටි අතර මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළකර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මහබැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විපක්ෂ කොංග්‍රස් පක්ෂය ඍජුවම චෝදනා කළේ නරේන්ද්‍ර මෝදිගේ රජයටයි.