FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටස් වෙළෙඳපොළ සමාගම් 05ක ගනුදෙනු අත්හිටුවයි..

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 05 ක කොටස් ගනුදෙනු අද (10) සිට අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ , 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා අදාළ වාර්ෂික වාර්තා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට අදාළ සමාගම් මේ වනතුරුත් අපොහොසත් වීම හේතුවෙන්.

පසුගිය නොවැම්බර් 29 දින ඊට අදාළව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් එම ආයතන දැනුවත් කළ අතර, වාර්ෂික වාර්තා 2018 දෙසැම්බර් 07 දිනට ප්‍රථමව ඉදිරිපත් නොකළහොත් දෙසැම්බර් 10 වන දින සිට එම සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටුවනු ලබන බව ප්‍රකාශකර ඇත.

ඒ අනුව පහත සදහන් සමාගම්වල කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (10) සිට බලපැවැත්වෙන පරිදි තහනම් වනු ඇත.

ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී
සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩ්ස් පීඑල්සී
ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී
ඇඩම් කැපිටල් පීඑල්සී
රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී