2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය අද (10) ස්වීඩනයේදී පැවැත්වීමට නියමිතය.
කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ මහතා සහ ඉරාකයේ නාඩියා මුරාද් මහත්මිය මෙවර නොඛෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිතව ඇති අතර නාඩියා මුරාද් ඉරාකයේ මානව හිමිකම් ක්‍රියාකාරීණියක් වන අතර ඩෙනිස් මුක්වේගේ කොංගෝ රාජ්‍යයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරයි.
ලිංගික ප්‍රචණ්ඩත්වය යුද්ධයේ අවියක් කර ගැනීම වැලැක්වීමට සටන් වැදීම යන තේමා පාඨය යටතේ මොවුන් දෙදෙනාට මෙවර නොඛෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරන බවයි නොඛෙල් කමිටුව සදහන් කරයි.









