FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ ‘කහ කබාකරුවන්’ හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම්..

 

ප්‍රංශයේ ඉන්ධන මත පනවා ඇති අධික බදු හේතුවෙන් එරට ‘කහ කබාකරුවන් ‘ විසින් පවත්වනු ලබන විරෝධතා එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එරට මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර ඇත.

මේ සදහා විරෝධතාකරුවන් 125,000 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.

1,700 කට අධික පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති අතර ප්‍රංශයේ අයිෆල් කුලුණ හා ලූවර් කෞතුකාගාරය ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමට රජය පියවර ගෙන තිබේ.

විරෝධතා හේතුවෙන් සිල්ලර වෙළෙන්ඳන් හට ඩොලර් බිලියන 1.1 ක අලාභයක් සිදු වී ඇති බවත් ආපන ශාලා වෙළදාම 20% සහ 50% කින් පහළ බැස ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරයි.

මේ හේතුවෙන් ප්‍රංශ වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිත අඩාල වී ඇති අතර මෙය දශක ගණනාවකට පසුව ප්‍රංශයේ ඇතිවූ දැවැන්තම විරෝධතා ව්‍යාපාරය ලෙස විදෙස් වාර්තා සදහන් කරයි.

ලෝක වෙළෙඳපොලෙහි ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට ඉන්ධන මිල වැඩි වීමට හේතු වූ බවද එරට මුදල් අමාත්‍යවරයා සදහන් කළේය.

 

Image result for france yellow jackets

Image result for france yellow jackets

Image result for france yellow jackets

Image result for france yellow jackets